Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාවනැල්ල සිද්ධියේ පරික්‍ෂණ ගැන කොමිසමේදී තොරතුරු හෙළිවෙයි  

Add comments

මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කටයුතු සදහා සම්බන්ධවීමට අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුව මැලිකමක් දැක්වූයේ ඊට දේශපාලන අත පෙවීමක් සිදුව ඇති නිසා දැයි තමන්ට සැකයක් පවතින බව කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබද පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අද (31) සාක්ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

අද (31) දිනයේ සාක්ෂි ලබාදීම සදහා සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පස්වරු 01 ට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා. කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ 2018.12.23 සහ 26 යන දිනවල මාවනැල්ලේ සිදු වූ බුදුපිලිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් වූයේ කෙසේද යන්නයි.

ඊට පිලිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුවත් කිරීම මත තමන් ඒ පිලිබද දැනුවත් වූ බවත් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බවත්. සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් ඔස්සේ සාදික් සහ සිද්දික් යන සහෝදරයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනාගේ පියාවන ඊබ්‍රහීම් නමැත්තා පිලිබදවද තොරතුරු අනාවරණය කරගත් බවයි ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.ඊබ්‍රහිම් නමැත්තා දැඩි අන්තවාදී ආගමික මතධාරියෙකු බවත් ඔහු ප්‍රදේශයේ   තරුණයන් එක්රැස්කොට අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුවද අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා.

මෙහිදී කොමිසමේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරවරයාගෙන් විමසා සිටියේ අසාද් සාලි මහතා සැකකරුන් දෙදෙනෙකු පොලිසීයට භාර දෙන බවට තමන්ට දැනුම් දුන්නාද යන්නයි. ඊට පිලිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ එවැන්නක් සිදු වන බවට පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා මාර්ගයෙන් තමන් ඒ පිලිබදව දැනගත් බවයි. එවැනි සැකකරුවන් දෙදෙනෙකු අසාද් සාලි මහතා පොලසීයට භාර දුන්නා දැයි කොමිසම විමසා සිටියා. එවැන්නක් සිදු නොවූ බවයි ඊට පිළිතුරු ලබා දුන්  සහකාර පොලිස් අධිකාරී   කමල් පෙරේරා මහතා සදහන් කළේ. සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා දිනයක අසාද් සාලි මහතා දුරකතනයෙන් සම්බන්ධ කර මේ පිලිබදව තමන් ඉදිරියේදී විමසූ බවත් එහිදී අසාද් සාලිගෙන් ඊට නිසි පිලිතුරක් නොලැබුණ බවත් සහකාර පොලිස් අධිකාරිවයරා ප්‍රකාශ කළා.

නමුත් අදාළ දුරකතන ඇමතුම ශ්‍රවනය කිරීමේදී තමාට හැගී ගියේ අසාද් සාලිගෙන් පොලීසියට සැකකරුවන් ලැබෙනවා වෙනුවට අදාළ පොලිස් පරික්ෂණයේ තොරතුරු අසාද් සාලි මහතා ලැබෙන බවයි. ඒ අනුව අදාළ දුරකතන ඇමතුම වහාම විසන්ධි කරන ලෙස එම ස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ගාමිණී තෙන්නකෝන් මහතාට දැනුම් දුන්නා. අනතුරුව කොමිසම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විමසා සිටියේ මෙම් පරික්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු සම්බන්ධ වූයේ කවදාද යන්නයි.

ඊට පිලිතුරු දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 2018-12-26 වන දින කෑගල්ල පොලිස් මූලස්තානයට පැමින තමන් හමුවී මෙම පරික්ෂණ කටයුතු සීඅයිඩිය භාරට ගන්නා බවට නිල නොවන අකාරයෙන් තමන්ට දැනුම් දුන් බවයි. ප්‍රාදේශීය පොලිස් පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගන්නා ක්‍රමවේදය කුමක්දැයි මෙහිදී කොමිසම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වමිසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හෝ පොලිස්පතිතුමාගේ නියෝගයකින් එවැනි පරික්ෂන කටයුත්තක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර ගැනීමේ හැකියාවක් ඇති බවයි.

නමුත් මෙම සිද්ධිය සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම පැමිණ සිටීම අදාළ පරික්ෂණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ගන්නා බවට යම් සළකුණක් සැපයූ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියා. මීට පෙර මෙවැනි සිද්ධියක් සදහා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයාම පැමිණ ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් බවත් ඒ නාලන්ද එල්ලාවල මහතාගේ “ඝාතන සිද්ධියේදී පමණතක් බවත් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී කියා සිටියා.

නමුත් එලෙස පැමිනි අධ්‍යක්ෂවරයා කමල් හොදින් පරික්ෂණ කටයුතු සිදු කරගෙන යනවා යැයි පවසා දිවා ආහාරයෙන් පසු පිටත්ව ගිය බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මෙ පරික්ෂණ කටයුතු සදහා යම් දේශපාලන මැදිහත් වීමක් සිදු වූවාද යන්න කොමිසම මෙහිදී සහකාර පොලිස් අධිකාරීයරයාගෙන් විමසෘ සිටියා.

ඊට පිලිතුරු ලබා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම මෙම ස්ථානයට පැමිණියත් පසුව ඔහු එම පරික්ෂණ කටයුතු අතහැර දමා මෙම ස්ථානයෙන් පිටව ගියේ යම් දේශපාලන බලාධිකාරියකින් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනාද යන සැකය අද වන විට තමන්ට තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉතිරි ප්‍රකාශයන් සෘජුවම පවතින පරික්ෂණ සදහා බලපාන බැවින් මෙම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කරන ලෙස කොමිෂන් සභාව නියෝග කළා..

 

 

The post මාවනැල්ල සිද්ධියේ පරික්‍ෂණ ගැන කොමිසමේදී තොරතුරු හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG