Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලන්කන් යානයක් වූහාන් බලා පිටත්වෙයි (VIDEO)  

Add comments

චීනයේ වූහාන් නගරයේ සිටින මෙරට සිසුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ එල් 1422 දරණ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. එරට තානාපති අංශ පවසන්නේ එහි සිටින සියලු දෙනා ආපදාවකින් තොරව සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය සෞඛ්‍ය අවදානමක් ප්‍රකාශයට පත් කළා. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබුණේ අවස්ථා පහකදී පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ මෙම තීරණයට හේතුව කොරෝනා වෛරසය චීනයෙන් බැහැර රටවල ව්‍යාප්තවීම වැළැක්වීම බවයි. දිළිදු රටවල ජනතාවට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එහි බලපෑම ඉතා දරුණු විය හැකියි. බටහිර අප්‍රිකා රටවල පැතිර ගිය ඉබෝලා වෛරසය නිසා මින් පෙර එකොළොස් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම රටවල නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළක් නොතිබීම ඊට හේතුවයි. රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 24 කින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර මහා බ්‍රිතාන්‍යයෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සොයා ගැනුණා.  චීනයට අමතරව වැඩිම රෝගින් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනුයි. තායිලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 19 දෙනෙකු සහ ජපානයෙන් 17 දෙනෙකු හමුවී තිබෙනවා.  වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 213 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පහළොස් දහස් දෙසිය තිස් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ආසාදනයට පත් පුද්ගලයන් 124 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර රුසියාව චීන දේශසීමාව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයද චීනයේ සංචාරය නොකරන ලෙසට සිය ජනතාවට දැනුම් දී තිබෙනවා. වූහාන් නගරයේ සිටි ඇමෙරිකා ජාතිකයන් දෙසිය දෙනෙකු පමණ එරටින් රැගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. ඔවුන් කැලිෆෝනියාවේ හමුදා කදවුරක රදවා ඇති බව සදහන්. ඊශ්‍රායලයද චිනය සමග සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහාම වෙන් වූ රෝහල පෙබරවාරි 2 වනදා වන විට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන බව එරට බලධාරීන් පවසනවා. ලබන 5 වනදා වන විට එය භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සදහන් කළේ. දින කිහිපයක් ඇතුළත වර්ග අඩි විසිපන්දහසක ප්‍රමාණයකට නිර්මාණය කළ මෙම රෝහල නිසා එම ව්‍යාපෘතියේ සේවකයන් චීනය තුළ වීරයන් පිරිසක් බවට මේ වන විට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියා හැර වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. වෛරසය මෙරට තුළ පැතිරයාමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේ. එබැවින් ජනතාව අනවශ්‍ය භීතියකට පත් විය යුතු නැති බවද ඔවුන් සදහන් කරනවා. චීනයේ රැදී සිටි ශිෂ්‍යයන් 580 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බව සදහන්. සිචුවාන් සහ චෙන්ඩු යන ප්‍රාන්තවලින් තවත් සිසුන් හැට එක්දෙනෙකු දිවයිනට ළගා වුණා. ඔවුන් වෙත ගුවන්තොටුපොළේ විශේෂ වෛද්‍ය ඒකකයෙන් උපදෙස් ලබාදීම සිදු කෙරෙනවා. වූහාන් නගරයේ රැදී සිටින මෙරට සිසුන් ගැටලුවකින් තොරව සිටින බවයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ කේ යෝගනාදන් මහතා සදහන් කළේ. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියා. වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ගුවන්තොටුපොළ තුළ නැනෝ තාක්ෂණය යටතේ නව උපකරණ ද සවි කර තිබෙනවා.

රට තුළ මුඛ ආවරණවල  හිගයක් මේ වන විට නැති බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සදහන් කළේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය තොරතුරු ඉන් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

මේ අතර පවත්නා තත්ත්වය යහපත් අතට පත් වූ වහාම දඹදිව වන්දනා චාරිකා යළි ආරම්භ කරන බව විදේශ බෞද්ධ වන්දනා සංගම් එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

 

The post ශ්‍රී ලන්කන් යානයක් වූහාන් බලා පිටත්වෙයි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG