Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වුහාන් සිට මෙරටට පැමිණි සිසුන් දියතලාව විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානයට  

Add comments

චීනයේ වුහාන් නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටි විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබනවා.

වූහාන් නරගයේ සිටි සිසුන් රැගෙන ගුවන් යානය අද (01) පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණියා. යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මත්තල ගුවන් තොටුපොලේදී ඔවුන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා.

අනතුරුව සිසුන් දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානයට විශේෂ බස් රථයකින් රැගෙන යාම ආරම්භ කෙරුණා.  දියතලාව යුද හමුදා කදවුරේ සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව විශේෂ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා.

එහිදී දින 14ක කාලයක් රදවා තබා ගනිමින් සිසුන් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

The post වුහාන් සිට මෙරටට පැමිණි සිසුන් දියතලාව විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG