Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මසකට ලක්ෂ 240 ක් ඉතිරි කරමින් කෘෂිකර්මය නව නිවහනකට  

Add comments

කෝටි ගණනක් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද යළිත් වරක් ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කරනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ මසකට රුපියල් ලක්ෂ 240 ක් වැය කරමින්. මෙතරම් විශාල මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා කුලිය වශයෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ  විවේචන එල්ල වුණා.

වත්මන් විෂය භාර අමාත්‍යාංශ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතවරක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කිරීම සිදු කෙරුණේ ආගමික වතාවත් මධ්‍යයේයි. රාජ්‍ය අමාත්‍ය මහින්ද  යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post මසකට ලක්ෂ 240 ක් ඉතිරි කරමින් කෘෂිකර්මය නව නිවහනකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG