Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ පාසල් 15කට ලබන සඳුදා නිවාඩු  

Add comments

කොළඹ පාසල් 15 කට ලබන සඳුදා  (03) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ ඩී එස් සේනානායක,  රාජකීය,  තර්ස්ටන්,  යශෝධරා,  මියුසියස් යන විද්‍යාල මෙන්ම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය,  කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල හා විචර්ලි ජාත්‍යන්තර පාසල සඳහා නිවාඩු හිමිවනවා.

එසේම කොළඹ මහානාම,  පොල්වත්ත ශාන්ත මයිකල්,  පොල්වත්ත ශාන්ත මේරි,  කොළඹ 12 මිහිදු,  කොළඹ 10 අල්හිදායා,  කොළඹ 10 අශෝක යන විද්‍යාලවලට ද නිවාඩු හිමිවනවා.

අදාළ දිනයේ මගහැරෙන අධ්‍යයන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ.

The post කොළඹ පාසල් 15කට ලබන සඳුදා නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG