Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරනවා-මහබැංකු අධිපති  

Add comments

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය 6.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.50% දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළ බව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පැවසීය.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළඳපළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවයන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා පැවසූවේ (30) මහ බැංකුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. පසුගිය වසරේ 4වෙනි කාර්තුව තුළදී දේශීය ආර්ථික කටයුතු මන්දගාමීව පැවති නමුත් සුදුසු රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග , ව්‍යාපාර විශ්වාස වැඩිදියුණු වීම හා දේශපාලන ස්ථාවරභාවය හේතු කොටගෙන 2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරන බවද මහාචාර්ය ලක්ෂ්මන් මහතා තවදුරටත් කීය.

දේශීය සැපයුම් අඩාල වීම හේතුවෙන් 2019 දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගියේය. එහෙත් සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා අනුව 2020 වසරේදී උද්ධමනය 5%කට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි කෙටි කාලීන පූර්වෝකතනයන් මගින් දක්වා ඇතත් ඉන් පසුව උද්දමනය 4% -6% ත් අතර පරාසය තුළ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.6%කින් රුපියල අතිප්‍රමාන වූ අතර එම තත්වය මේ දක්වා නොවෙනස්ව පවතී.

2019 වසරේ අවසානය වන විට දළ නිළ විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7.6ක් ලෙස ඇස්තමේන්තු කොට ඇති අතර එය මාස 4 1/2 ආනයන සඳහා ප්‍රමාණවත් වන බවද මහබැංකු අධිපතිවරයා කීය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන අචාර්ය නන්දලාල් වීරසිංහ ,ආචාර්ය එම්.ඒ.කරුණාරත්න සහ ආචාර්ය සී.අමරසේකර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරින් රැසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

– රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

The post 2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරනවා-මහබැංකු අධිපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG