Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ගැන බිය වන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි  

Add comments

කොරෝනා වෛරසය පිළිබද අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

හදුනාගත් රෝගියා සුවය ලබා තිබෙනවා. තවත් රෝගීන් හමුවුනහොත් ප්‍රතිකාර කිරීමේ කිසිදු ගැටලුවක් නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. වූහාන්වල සිටින ශ්‍රී ලාංකික සිසුන්ද සුවෙන් සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව දස දහසකට ආසන්නයි.

කෙරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජනතාවට එදිනෙදා කටයුතු සිදු කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් චීන ජාතික කාන්තාවගෙන්ද කිසිවෙකුටත් රෝගය බෝවීමේ ඉඩක් මේ වන විට නැති බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කරන්නේ.

චීනයේ වූහාන්වල සිටින ශ්‍රී ලාංකික සිසුන් කිසිවෙකුටත් කොරොනා වෛරසය ආසාදිත වී නොමැති බව චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති කේ කේ යෝගනාදන් මහතා පවසනවා. එම සිසුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින්ම සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම වැළැක්වීම සදහා නැනෝ තාක්ෂණය හා සමන්විත නව මෘදුකාංගයක් සකස් කර තිබෙනවා.

මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවූවද සියලු දෙනා ඒවා මිලදී ගැනීමට යාම හේතුවෙන් දිවයින පුරා ඒවායෙහි හිගයක් ඇති වුණා. ඇතැම් ඖෂධහල් හිමියන් වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කිරීම නිසා රුපියල් පහළොවක පාලන මිලක් නියම කිරීමටද රජයට සිදු වුණා.

කෙසේ වෙතත් මේ වන විට මුඛ ආවරණවල හිගයක් නැති බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තීරණය කළා. රටවල් රැසකින් වෛරසය ආසාදනය වූවන් හමුවුවද චීනය හැර කිසිදු රටකින් මරණ වාර්තා වී නැහැ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සිය ජනතාවට අවවාද කළේ චීනයේ සංචාරයෙන් වළකින ලෙසයි.

 

The post කොරෝනා ගැන බිය වන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG