Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්  

Add comments

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා වන දෙමටගොඩ ප්‍රදේශයේ
ව්‍යාපරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පෙබරවාරි මස 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

එබැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා . ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී .

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි . ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබුණි .

The post ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG