Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශානි අබේසේකරගේ පෙත්සම සළකා බැලීම මැයි 11වනදා  

Add comments

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 11 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) දින ලබා දුන්නා.

තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහායකයෙකු ලෙසට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමිනුයි එම පෙත්සම ඔහු ගොනු කර ඇත්තේ. පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බැවින් යළි නොතීසි නිකුත් කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.

තමන් නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ පිහිටුවන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

The post ශානි අබේසේකරගේ පෙත්සම සළකා බැලීම මැයි 11වනදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG