Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව්ගිනි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කරයි  

Add comments

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරිමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ ලැව් ගිනි මේ වන විට පාලනය කර ඇති නමුත් ප්‍ර දේශ කිහිපයක තවමත් ලැව් ගිනි පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. නිවාස දහස් ගණනකට හානි  ද සිදුවුණා. මාස කිහිපයක් පුරා පැවති ලැව් ගිනි පාලනය කිරීමට නොහැකි විම සහ කිසියම් පිරිසක් මෙය සිදුකළාදැයි යන්න පිළිබදව මෙහිදී විමර්ශනය කෙරෙනු ඇති. මාස 6ක කාලයක් තුල අදාළ පරික්ෂණය අවසන් කිරීමට නියමිතයි.

 

 

The post ලැව්ගිනි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG