Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

”එජාපයේ නායකත්වය හැර සියලු දේ අනිත්‍යයි”  

Add comments

තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය රැක ගනිමින් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30) පැවැත්වුණා.

එහිදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සන්ධානයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය ද ලබා දීමට තීරණය කෙරුණා. ඊයේ (30) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විසි දෙදෙනෙකු සහභාගි වුණේ නැහැ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ. 59 දෙනෙකුගෙන් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙකු ඊට එක්වුණා. මාස ගණනක් පුරා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙනස් කිරීම පිළිබඳ විවිධ මත ගැටුම් පැවතියත් ඊයේ දිනයේදීත් පක්‍ෂ නායකත්වය වෙනස් වුණේ නැහැ.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ මෙන්ම අද දිනයේත් විවිධ ස්ථානවලදී පළ වුණේ මෙවැනි අදහස්.

The post ”එජාපයේ නායකත්වය හැර සියලු දේ අනිත්‍යයි” appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG