Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී  

Add comments

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේදැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී.

පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ විය. මේ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා සහනදායී පදනම මත මූල්‍යාධාර ලබාදිය හැකි බව උප සභාපතිවරයා සඳහන් කළේය.

තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී නිම කළ මාර්ග සංවර්ධනය සහ නගර අලංකරණය වැනි ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සමග සබඳතාව සිහිපත් කළ ජනාධිපතිතුමා ලෝක බැංකු නව සහයෝගීතාව සුහදශීලීව පිළිගත්තේය. වැවිලි කර්මාන්ත සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ගම්මිරිස් සහ කුරුඳු වැනි සුළු අපනයන බෝග කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් “රැකියා සහ අපනයන ආදායම් උත්පාදනයේ දී මේ බෝග සදහා විශාල ඉඩ ප්‍රස්ථාවක් පවතින බව” ලෝක බැංකු උප සභාපතිවරයා කියා සිටියේය.

“දැනට ලෝක බැංකු ආධාර යටතේ මෙරට ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවා සාර්ථකව ඉදිරියට යනවා. ඇතැම් ඒවා එසේ නැහැ. මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මහනුවර බහු ආකෘති පර්යන්ත ව්‍යාපෘතියට බැංකුව ඉදිරියටත් ආධාර දෙනවා”. යැයි උප සභාපතිවරයා කීය.

යෝජිත කටයුතුවලදී නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කළ ජනාධිපතිරාජපක්ෂ මැතිතුමා විශේෂිත වූ ව්‍යාපෘති තීරණය කිරීමට වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා IdahZ.Pswarayi-Riddihoughමහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

 

 

The post ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG