Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය  

Add comments

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් පසු උතුරුමැද පළාතේ සංචාරක ක්ෂේත්‍රය පිළිබද නිරන්තරයෙන් ගැටලු ඉදිරිපත් වූණා.  ඒ පිළිබද සැළකිල්ලට ගනිමින් අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

උතුරු මැද පළාතේ සංචාරක හෝටල් හිමියන් දිස්ත්‍රික් වාණිජ මණ්ඩල නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙහිදී අවශ්‍ය සියලු සහයෝගය රජයේ පාර්ශ්වයෙන් ලබා දෙන බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කළේ.

 

 

The post අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG