Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න මිලියන 60ක ආරක්ෂිත මෙවලම්  

Add comments

කොරෝනා වෛරසය පාලනයට සහ ආසාදිතයින්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට රුපියල් මිලියන 60 ක ආරක්ෂිත  මෙවලම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.

එමෙන්ම බස් හා දුම්රිය මගී ජනතාව මෙම වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා වැඩ පිලිවෙලක් අරඹන්නැයි ප්‍රවාහන අමත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සදහා පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුව ඉදිරි ක්‍රියාමාර්ග පිලිබද සාකච්ඡාවක නිතර වුණා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මූලික්ත්වයෙන් වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් යොමු කරන සියලු රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. මේ අනුව කාර්ය මණ්ඩලවල ආරක්ෂාව මෙන්ම වෛරසය පාලනය සදහා රුපියල් මිලියන 60 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කෙරුණා.

මේ අනුව වෛද්‍ය සැපයුම් අංශය ජාතික බෝනොවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 12 කට මෙම උපකරණ ලබාදී තිබෙනවා.

මේ අතර බස් රථ හා දුම්රියවල ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා කඩිනම් වැඩපිලිවෙලක් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

 

The post කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න මිලියන 60ක ආරක්ෂිත මෙවලම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG