Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල් දැමේ  

Add comments

විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල්දමා තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්රෝන්ගේ ආරාධනාවකට අනුව බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ප්‍රංශයේ සංචාරයක නිරත වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වුවද විරෝධතා හේතුවෙන් මෙම සංචාරය කල්දැමීමටයි තීරණය කර ඇත්තේ. විරෝධතාකරුවන් සමග ඇති වු  ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 441 දෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ප්‍රංශය පුරා ස්ථාන 900ක පමණ ගිනි තැබීම් සහ  ප්‍රචණ්ඩකාරී ක්‍රියාද සිදුව තිබෙනවා. මේ අතර ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට ද ඔවුන් ගිනි තැබුවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පැරිස් නගරයේ පමණක් උද්ඝෝෂකයන් එක්ලක්ෂ දහනව දහසක් සිටින බවයි.

විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

 

 

 

 

 

The post ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල් දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG