Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි  

Add comments

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් වාර්ෂිකව සමරන හජ් උත්සවය අදට (01) යෙදී තිබෙනවා.

මෙවර හජ් වන්දනා සමය පසුගිය 29 වනදා ආරම්භ වුණා. සියලු ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැදී පවත්නා ලෝක සමුළුව ලෙස ද හජ් උත්සවය සැලකෙනවා.

හජ් උත්සවයේ වටිනාකම හදුනාගෙන සිටින වත්මන් රජය මුස්ලිම් ප‍්‍රජාවට සිය ආගමික වතාවත් හි නිරතවීමට පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හමුවේ වුවද සියලු පහසුකම් සලසා ඇතැයි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.

අතීතයේ සිට සියලු ආගමිකයින් සමඟ සමගියෙන් විසූ මෙරට මුස්ලිම් ප‍්‍රජාව අනාගතයේදී ද දේශයේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබාදෙනු ඇති බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

හජ් උත්සවය සමරන සියලු මුස්ලිම් ජනතාවට සිය සුබ පැතුම් එක්කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.

ලෝකමය මුහුණදී ඇති ව්‍යවසනකාරී තත්වය ඉක්මණින්ම පහව යන ලෙස සර්ව බලධාරී අල්ලා දෙවියන්ගෙන් මෙම හජ් සැමරුමේදී අයැද සිටිය යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

නව්‍ය කොරෝනා වයිරසයෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගලවා ගැනීම සඳහා වෙභෙසන රාජ්‍ය සහ සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරකෂක අංශ නිලධාරීන්ට ද හෘදයාංගම ස්තූතිය හජ් දිනයේදී පළ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ.

The post ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG