Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද  

Add comments

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

රට තුළ පවතින වාතාවරණය සැළකිල්ලට ගනිමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. ඒ අනුව පත්කෙරුණු නව කැබිනට් මණඩලය පසුගිය 18 වනදා දිවුරුම් දුන්නද අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැත්වුණේ නැහැ. නව කැබිනට් මණ්ඩලය බහුතරය තරුණ නියෝජනයක් පැවතීම විශේෂත්වයක්.

මේ අතර අද රැස්වන නව කැබිනට් මණ්ඩලයට 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

 

 

 

 

 

The post නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG