Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි  

Add comments

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස්කිරීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි දින තුනක කාලය තුළ ඩීසල් හා පෙට්‍රල් තොග මෙරටට ලගාවිමට නියමිත බවයි. ඒ අනුව ඩීසල් , සුපර් ඩීසල් ,පෙට්‍රල් 92, පෙට්‍රල් 95 තොග ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබෙනු ඇති.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත්කිරීම සහ කඩිනමින් සිදුකිරීම වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයෙන්  අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙතෙක් දෛනික බෙදා හැරීම්වලට එක්වූ රථ සංඛ්‍යාවද වැඩිකර තිබෙනවා.

එළඹෙන සතියේ මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 7200 ක ප්‍රමාණයක් රැගෙන ඒමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එහි පළමු තොගය මෙට්‍රික් ටොන් 3600 ක් 26 වනදා දිවයිනට පැමිණෙන අතර බෙදාහැරීම 27 වනදා ආරම්භ වනු ඇති. 28 වනදාත් තවත් ගෑස් නැවක් මෙරටට ළඟාවිමට නියමිතයි.

The post ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG