Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි  

Add comments

ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ‍්‍රිතාන්‍ය  Financial Times පුවත්පත පවසයි.

ගෝලීය ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරයේ තම කටයුතු ව්‍යාප්ත කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක  කරමින් සිටින අතර, එම ක‍්‍රියාමාර්ග වත්මන් කොරෝනා වසංගතය වැළැක්වීම හා පාලන විධිවිධාන හේතුවෙන්   වෙනස් නොකරන  බව බ‍්‍රිතාන්‍ය   Financial Times පුවත්පත පසුගිය 22වැනිදා ලිපියක් පළකරමින් වාර්තා කළේය.

මෑත සතිවලදී, Goldman Sachs Group Inc. සහ JP Morgan Chase ඇතුළු සමාගම්  හොංග්කොං සිට  ෂැන්ග්හයි වෙත තම කාර්යමණ්ඩල ගෙන ගොස්ඇත. Morgan Stanley, Citigroup, UBS, Credit Suisse සහDeutsche Bank යන ගෝලීය ආයෝජන බැංකු ඉදිරි වසර කිහිපය තුළ ෂැන්ග්හයි නගරය තමන්ගේ  ප‍්‍රධාන ආයෝජන ගමනාන්තය ලෙස ලැයිස්තුගත කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

චීන ව්‍යාපාර  සහ වාණිජ බැංකු මහා පරිමාණයෙන්  ඩිජිටල්කරණය ප‍්‍රවර්ධනය කර ඇති බැවින්, ෂැන්ග්හයි කොරොනා වසංගත වැළැක්වීමේ හා පාලන ක‍්‍රියාමාර්ග වලින් සිය කටයුතු වලට බරපතල බලපෑමක් සිදුවී නොමැති බවද Citigroup සමාගම පවසා ඇත.

The post ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG