Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත් කුඩු සමඟ 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට  

Add comments

මත් කුඩු සමග සැකකාරියක ඇතුළු තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 850 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 150 ක් සමග 36 හැවිදිරි කාන්තාවක් අත්අඩංගුවට ගැනුනා. ඒ වාලච්චේන පොලීසිය කළ විශේෂ වැටලීමකදී. මේ අතර පෑලියගොඩ මැනිං වෙළදසැල අසලදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගෙන සිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව  පෑලියගොඩ පොලීසිය සදහන් කළා.

එමෙන්ම නවලෝක වටරවුම අසලදීද තවත් සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 110 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ග්‍රෑන්ඩ්පාස්  පොලිස් වසමේ කම්බි කොටුව ප්‍රදේශයේදීද තවත් සැකකරුවක් අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.

 

 

 

The post මත් කුඩු සමඟ 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG