Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

රන්මාල පැළද මහමග ගමන් කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රන්මාල පැහැර ගන්නා සොර කල්ලි වැඩි වශයෙන් සිටීම ඊට හේතුවයි.

දිවයිනේ ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. කළුතර හා අවට ප්‍රදේශවල වෙළෙද ස්ථාන හා බැංකු අසළ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කොට එම යතුරුපැදිවල අංක තහඩු වෙනස් කොට ගොස් මෙම රන්මාල සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. එක් සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට පත්වුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

The post රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG