Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් – බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක්  

Add comments

වෘත්තිය සමිති එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා. බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

රාජ්‍ය,  අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සංකේත වැඩවර්ජනයකට එක්ව සිටිනවා. මේ හේතුවෙන් බොහෝ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අයුරු දැක ගත හැකියි. සිසුන් නොපැමිණීම හේතුවෙන් පාසැල්වල පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටින බවයි ගුරු සංගම් පවසන්නේ. දුම්රිය ධාවනය ද අඩාල වී ඇති අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් කර තිබුණා. කෙසේ වුවද  ලංගම හා පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇති අයුරු දැක ගත හැකියි.

බස් ධාවනය සිදු වුවද මගීන්ගේ අඩුවක් පවතින බව බස් සංගම් පවසනවා. වර්ජනයක් පැවතිය ද වරයා හා ගුවන්තොටුපල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

The post වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් – බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG