Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසරේදී පමණක් සරණාගතයින් මිලියන 8 ඉක්මවයි – UN  

Add comments

රුසියා යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මෙම වසර තුළදී පමණක් සරණාගතයින් මිලියන 8.3කට අධික සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බව ජගත් සංවිධානයේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය නිවේදනය කරනවා.

රුසියාවේ යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන වැසියන් මිලියන 12.7ක් පමණ තම නිවෙස් හැර පළා ගොස් ඇති බවයි ජගත් සංවිධානයේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය සඳහන් කරන්නේ. මිලියන පහක් පමණ වෙනත් රටවලට පළාගොස් ඇති අතර මිලියන 7.7ක පිරිසක් රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින බවද වාර්තා වනවා. යුද ගැටුම් ආරම්භයේදී සරණාගතයින් සංඛ්‍යාව මිලියන හතරක් පමණ වනු ඇති බවට අපේක්ෂා කළද එම සංඛ්‍යාව පසුගිය සතියේදී ඉක්මවා ගියා. මේ අතර ලොව වැඩිම සරණාගතයින් සංඛ්‍යාවක් බිහි කළ යුද ගැටුම බවට සිරියා අර්බුදය හැඳින්විය හැකියි. ඉන් අවතැන්භාවයට පත්ව ඇති පිරිස මිලියන 6.8කට අධිකයි.

 

 

The post මෙම වසරේදී පමණක් සරණාගතයින් මිලියන 8 ඉක්මවයි – UN appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG