Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්රේනයට  

Add comments

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යුක්රේනයට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් තමන් යුක්රේනයට පැමිණි බව ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර තිබෙනවා. මහලේකම්වරයා  පසුගියදා රුසියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමු වී සාකච්ඡා පැවැත්වූවා. මානුෂීය සහයෝගය පුළුල් කිරීමටත්, ගැටුම් සහිත ප්‍රදේශවලින් සිවිල් වැසියන් ඉවත් කිරීමටත් එම ජනතාව සුරක්ෂිත කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව කටයුතු කරන බව මහලේකම්වරයා සඳහන් කරනවා. ලෝකය වෙනුවෙන් යුක්රේන රුසියා යුද්ධය අවසන් වීම වඩාත් සුදුසු බව මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේන සංචාරයේදී එරට ජනාධිපතිවරයා හා තවත් රාජ්‍ය නිලධාරින් සමඟ මහලේකම්වරයා සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

 

The post එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්රේනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG