Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලදීයී.

හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.  ඔහු ලග හෙරොයින් ග්‍රැම් 10 මිලිග්‍රෑම් 100 ක් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී ද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. එහිදීද සැකකරුවකු අත්අඩංගුවට  ගැනුනේ හරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.

මාලිගාවත්ත කොටා පාර ප්‍රදේශය්දී ද.හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 800 ක් සමග සැකකරුවෙකු  අත්අඩංගුවට පත් වුණා.

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 205 ක් සමගින් සැකකරුවකු අත්අඩගුවට පත් වුණේ බොරැල්ල ප්‍රදේශයේදීයී.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200 ක් සමග තවත් සැකකරුවකු  ග්‍රෑන්ඩ්පාස් ස්ටේස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා.

ග්‍රෑන්ඩ්පාස් නවගම්පොල ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත්තා. ඒ හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 200 ක් ද සමගයි.

හෙරොයින් ග්‍රෑම් 6 ක් සමග තවත් සැකකරුවකු අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සමග බියගම කලුපාලම අසලදීද සැකකරුවෙකු පොලීසිය කොටු වුණා.

මිරිහාන ප්‍රගතිපුර ප්‍රදේශයේදීද  හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට පත් වුණා. ඒ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රැම් 140 ක් සමගයි.

 

 

The post හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG