Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රඹුක්කන ඝාතනය: පොලීසියේ සැක 04 දෙනාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග  

Add comments

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්,  කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිසියේ හතර දෙනා සම්බන්ධයෙන් ‌වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝග කළා.

මොවුන් ඊයේ අත්අඩංගුවට ගැනුණේ කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පොලිසියට කළ  නියෝගයකට අනුවයි.

රඹුක්කන පැවති විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මිය ගියේ පසුගිය 19 වනදායි. කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමට අණ දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළා. එම නියෝගය අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ සිද්ධියට අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුවයි කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු නිලධාරීන් 4 දෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණේ.

කෙසේ වෙතත් අද අධිකරණයේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩුවට ඇතුළත් කොට  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.   ඒ අනුව මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිසියට නියෝග කර සිටියේ අදාළ සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන ලබන මස දෙවනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. නඩුව ලබන දෙවනදා යළි කැදවීමට නියමිතයි.

 

 

 

The post රඹුක්කන ඝාතනය: පොලීසියේ සැක 04 දෙනාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG