Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

artemisinin ඖෂධයෙන් චීනය ලොවට තිළිණ කළ මිත්‍රත්වය  

Add comments

artemisinin යනු චීනය සොයා ගත් සහ සාර්ථකව නිස්සාරණය කරන ලද ලොව පළමු ඵලදායී මැලේරියා මර්දන ඖෂධයයි. මීට වසර 50කට පෙර චීන විද්‍යාඥයෝ artemisinin සොයාගෙන මැලේරියා මර්දන ඖෂධය නිපදවීමට සමත් වූහ.

කාර්යක්ෂමඵලදායීතාව , අවම අතුරු ආබාධ, අඩු මිල හා වැඩි පහසුව artemisinin ඖෂධය සතුව ඇති ගුණයන් කිහිපයකි. 2000 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධය ප්‍රධානතම මැලේරියා මර්දන ඖෂධය ලෙස නම් කිරීම විශේෂත්වයකි. මේ වන විට ලොව පුරා මිලියන ගණනක පිරිසක් artemisinin ඖෂධය භාවිතයෙන් ජීවිත බේරාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. එම සංඛ්‍යා ලේඛන අනුව මැලේරියා රෝගයට ප්‍රතිකාර වශයෙන් වාර්ෂික ව කෝටි 10කට වැඩි පිරිසක් මෙම ඖෂධය භාවිත කරති.

චීනය artemisinin ඖෂධය සෙසු රටවල් සමග බෙදා ගත් පසු බො‍හෝ රටවල්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත සිය මැලේරියා මර්දන තාක්ෂණවේදීන් හා වෛද්‍ය සේවකයන් යවා තිබේ. වසර 2021 වන විට චීනය රටවල් 30ක පමණ මැලේරියා මර්දන මධ්‍යස්ථාන ස්ථාපනයට සහය වූ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 72ක් වෙනුවෙන් සිය වෛද්‍ය ආධාර කණ්ඩායම් යවා තිබිණ. artemisinin ඖෂධය චීනය ලෝකය වෙත ලබා දුන් පුංචි, එහෙත් අතිශය වටිනා තිළිණයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව දුක සැප සමව බෙදාගනිමින්, එම රටවල සෞඛ්‍ය සුබසිද්ධිය උදෙසා චීනය මාහැඟි මෙහෙවරක් ඉටු කර ඇත.

The post artemisinin ඖෂධයෙන් චීනය ලොවට තිළිණ කළ මිත්‍රත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG