Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරු අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 115කින් සම්මතයි  

0 comments

අතුරු අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 05ක් පමණයි. ඒ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 3 දෙනා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුයි.

මන්ත්‍රිවරුන් 43 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රිවරුන් 56 දෙනෙකු සභාගර්භයේ සිටියේ නැහැ.  මේ අනුව වැඩි ඡන්ද 115 කින් දෙවනවර කියවීම සම්මත වුණා.

නව රජයක් ලෙස 2022 මුදල් වසරේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනතුරුව අයවැය පිළිබඳව විවාදය දින කිහිපයක් පුරා පැවැත්වුණා.

The post අතුරු අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 115කින් සම්මතයි appeared first on ITN News.

Read More »

පාකිස්ථානයේ ජලගැල්මට හේතුව දේශගුණික විපර්යාසයක්  

0 comments

පාකිස්ථානයේ ඇති වූ මහා ජලගැල්මට හේතුව දේශගුණික විපර්යාස බව විද්යාිඥයන් පවසනවා.

පාකිස්ථානයේ ඇති දේශගුණික බලපෑම පාකිස්ථානයට පමණක් නොව සමස්ත ලෝකයට ම ලැබුණු අවදානම් පණිවුඩයක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මෙවැනි දැඩි ජලගැලීම් සහ ස්වභාවික ආපදාවලින් දිළිදු රටවල් පමණක් නොව සංවර්ධිත රටවල් ද ඉදිරියේ දී බලපෑමට ලක් වීමේ අවදානමක් පවතිනවා.

පාකිස්ථානයට පසුගිය වසර 30 ඇතුළත ලැබුණු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා සියයට 130ක වර්ෂාපතනයක් මෙවර ලැබී තිබුණා. දේශගුණ විපර්යාස සමග මෝසම් වැසි අක්‍රමවත් වීම මීට හේතුවයි.

 

 

The post පාකිස්ථානයේ ජලගැල්මට හේතුව දේශගුණික විපර්යාසයක් appeared first on ITN News.

Read More »

චීන සමාගම් පාකිස්ථානයේ Balochistan පළාතේ ගංවතුර ආපදාව වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමයි  

0 comments

පාකිස්ථානයේ Balochistan පළාතට බලපෑ ගංවතුර ආපදාවට මුහුණදීම සඳහා එ‍රට චීන සමාගම් පරිත්‍යාග කළ මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උළෙල 1 වැනිදා Karachi නගරයේ පැවැත්විණ. Karachi නගරයේ චීන කොන්සල්ජනරාල් Li Bijian මහතා එහිදී පැවසුවේ, පාකිස්ථානයේ ගංවතුර ආපදාව සිදුවීමෙන් පසු චීන රජය හා එරට ක්‍රියාත්මක චීන සමාගම් වහා ක්‍රියාත්මකවී අදාළ සහනාධාර සපයමින් සිටින බවයි.පාකිස්ථාන ජනතාව කඩිනමින් යථාතත්ත්වයට පත්කරනු හැකි වෙතැයි Li Bijian මහතා අපේක්ෂා පළ කළේය.

Balochistan පළාතේ ආපදා පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Faisal Naseem මහතා පාකිස්ථානයට ප්‍රබල සහයක්ලබාදීම සම්බන්ධයෙන් එහිදී චීන රජයට හා ජනතාව අවංක ස්තුතිය පළ කළේය.දුෂ්කරතාවන්ට එක්ව මුහුණදීමේ සැබෑ චීන මිතුදමමින් පිළිබිඹුවනබව Faisal Naseem මහතා කියා සිටියේය.

පාකිස්ථාන ජාතික ආපදා පාලන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය ජූනි මාසයේසිට දැඩි වර්ෂාව හේතුවෙන් එරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයන් 1191 දෙනෙකු මිය ගොස්ඇත. Balochistan පළාතේ 253 දෙනෙකුද එහිදී මියගිය අතර, 164 දෙනෙක්තුවාල ලැබූහ.

The post චීන සමාගම් පාකිස්ථානයේ Balochistan පළාතේ ගංවතුර ආපදාව වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමයි appeared first on ITN News.

Read More »

උසස් මට්ටමේ සේවා කර්මාන්තයේ විවෘත පද්ධතිය ස්ථාපිත කිරීමට චීනය උත්සාහ දරයි  

0 comments

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය අගෝස්තු 31 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා බෙයිජිං නගරයේදී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කළේ උසස් මට්ටමේ විවෘත භාවයෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තවදුරටත් සංවර්ධනය කරන චීනය සේවා ක්ෂේත්‍රයේ වෙළඳපොලට ප්‍රවේශ වීමේ ප්‍රමිතීන් අඛණ්ඩව ලිහිල් කර ඇති බවයි.

පසුගිය 2019 වසරේ සිට ෂී ජින්පිං
මහතා වසර 4ක් ලිඛිත හෝ විඩියෝ ආකාරයෙන් නොකඩවාම චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පණිවුඩ යොමු කර තිබේ. වත්මන් ගෝලීය වසංගත තත්ත්වය තවදුරටත් උග්‍ර වී ලෝක ආර්ථීක පුනරුත්ථාපනය අස්ථීර ලෙස පවතින ජගත් තත්ත්වය සංකීර්ණ වීමේ විශේෂ අවස්ථාවේදී මෙවර ප්‍රදර්ශනය පැවැත්වීම මගින් චීනය උසස් මට්ටමේ විවෘතභාවය ස්ථිර ලෙස අනුගමනය කිරීමේ අධිෂ්ඨානය පිළිබිඹු වේ. පසුගිය දශකය තුළ චීනයේ සමස්ත ආනයන සේවා වටිනාකම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 4ක ඉක්මවා ගොස් තිබේ. 2012 වසරේ ආරම්භ වූ බෙයිජිං ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ සිට 2022 වසරේ චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය දක්වා ගතවූ වසර 10 තුළ ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ සන්නාමක් ගොඩනැගීම සඳහා වන අරමුණින් එම ප්‍රදර්ශනය චීන සේවා කර්මාන්ත වෙළඳ සංවර්ධනයේ දර්ශකයක් බවට පත්වී තිබේ. එය ජාත්‍යන්තර ආර්ථීක හා වෙළඳ  උසස් මට්ටමේ සහයෝගිතාවේ පාලමක් බවට පත්වනු ඇත.

The post උසස් මට්ටමේ සේවා කර්මාන්තයේ විවෘත පද්ධතිය ස්ථාපිත කිරීමට චීනය උත්සාහ දරයි appeared first on ITN News.

Read More »

ආජන්ටිනා උප ජනාධිපතිවරිය ඝාතනය කිරීමේ තැත ව්‍යර්ථ වෙයි  

0 comments

ආජන්ටිනාවේ උප ජනාධිපතිවරිය ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

ආජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස් සිය නිවසෙන් පිටත සිටි පාක්ෂිකයින්ට ආචාර කරමින් සිටියදී අසල සිටි පුද්ගලයෙකු ඇයගේ මුහුණට ගිනි අවියක් යොමුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම පුද්ගලයා එල්ල කළ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේ වුවද සිද්ධියෙන් උප ජනාධිපතිවරියට කිසිදු හානියක් සිදුව නොමැති බව ආරක්ෂක අංශ නිවේදනය කරනවා. ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස්ට විරුද්ධව එරට අධිකරණයේ දූෂණ චෝදනා යටතේ නඩුවක් විභාග වන අතර එයට සහභාගි වී නිවසට පැමිණි අවස්ථාවේයි මෙය සිදුව ඇත්තේ.

 

 

 

 

The post ආජන්ටිනා උප ජනාධිපතිවරිය ඝාතනය කිරීමේ තැත ව්‍යර්ථ වෙයි appeared first on ITN News.

Read More »

චීනයේ චෙන්ග්ඩු නගරය වසා දැමේ  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා චීනයේ චෙන්ග්ඩු නගරය වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ දී චෙන්ග්ඩු නගරයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 157 ක්. චීනය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වූ වහාම අදාළ ප්‍රදේශය වසා දැමීමට පියවර ගන්නවා. ඒ යටතේ චෙන්ග්ඩු නගරය වසා දැමීම හේතුවෙන් මිලියන 21 ට ආසන්න සංඛ්‍යාවකට නිවෙස් තුලට වී කාලය ගත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එක් නිවසකින් එක්අයෙකුට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පිටතට පැමිණීමට අවසර හිමිවනවා. නගරය යළි සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය යටතේ නගර වසා දැමීම චීන ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post චීනයේ චෙන්ග්ඩු නගරය වසා දැමේ appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයන් ජපානයෙන්  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24ට පමණක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2070ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 500කට ආසන්න වනවා. එමෙන්ම ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූ රට වන්නේ ජපානයයි. එරටින් වාර්තා වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි.

තවද දකුනු කොරියාවෙන් එක්ලක්ෂ තුන්දහසක්, ඇමෙරිකාවෙන් අසූ දෙදහසක් හා බ්‍රසීලයෙන් පනස් අට දහසක් ලෙස වයිරස ආසාදිතයන් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැට කෝටි අසූපන් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හැට පන් ලක්ෂයකට ආසන්නයි.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයන් ජපානයෙන් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG