ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්කර තිබූ රට ඉන් මුදවාගැනීමට වත්මන් රජයට හැකිවූ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. බද්දේගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
බද්දේගම ආසනයේ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය ලබාදීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටිනවා. තම ගෙවතුවල කුරුඳු හා ගම්මිරිස් ආදී භෝග වගාකර ආර්ථිකය ඉහළ නංවා ගැනීමට එම පවුල්වලට සහායවීම අමාත්‍යාංශයේ අරමුණයි. ගෙවතුවගාකරුවන්ට ගම්මිරිස් පැල බෙදාදීම අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ හා විජේපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය දයා ගමගේ,
*
Post a Comment