Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හරිත වැලි තොටුපල ජාතික වැඩසටහන ඇරඹෙයි  

Add comments

වැලි ජාවාරමට තිත තබමින් හරිත වැලි තොටුපල ජාතික වැඩසටහන ආරම්භ කෙරුණා. මහියංගනය , පගරගම්මන , මහවැලි ගඟ අසබඩදී එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ ප්‍රධානත්වයෙන්.

හරිත වැලි තොටුපල සංකල්පය යටතේ ගං ඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශයක් හරිත කලාපයක් ලෙස නම් කෙරෙනවා. එම කලාපයේ වන රෝපණයන් සිදුකිරීම සැලසුමයි. ඒ හේතුවෙන් ගංගාව ආසන්නයටම ට්‍රැක්ටර් වැනි වැලි ප්‍රවාහන රථ ගමන් කිරීම වැළැක්වෙනවා. වැලි ගොඩදැමීම ද නිසි ප්‍රමිතියන්ට අනුව සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. හරිත වැලි තොටුපල සංකල්පය හදුන්වාදෙමින් විශේෂ පරිසර ක්‍රියාකාරකම් කිහිපයක්ද සිදුකෙරුණා. ශ්‍රී ලංකාවේ සෑම වැලි තොටුපලක්ම එම සංකල්පය යටතේ ක්‍රියාත්මක කිරීම සැලසුමයි. හරිත වැලි තොටුපල සංකල්පය ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට වැලි බලපත්‍ර නිකුත් නොකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG