Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරකුම් යුගයකට අගමැතිගෙන් ඇරයුම්  

Add comments

පෞද්ගලික අංශය මූලික කරගත් වෙළෙඳ ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමන්ට හැකි ස්ථානයටත් වඩා ඉහළට යා හැකි ජාතියක් වීම අත්‍යවශ්‍ය බව ද ආචාර්ය සමන් කැලේගම මහතාගේ ගුණසැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

1959 වසරේ අප්‍රේල් 6 වනදා උපත ලැබූ ආචාර්ය සමන් කැලේගම මහතා මෙරට ප්‍රකට ආර්ථිකවේදියෙකු මෙන්ම ගත්කතුවරයෙකු ද වනවා. ඒ මහතා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස ද සේවය කළා. සමන් කැලේගම මහතාගේ වර්ෂ පූර්ණ ගුණසැමරුම වෙනුවෙන් විශේෂ සමුළුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. යුද්ධයෙන් පසු සංවර්ධනය, තිරසර හා ස්ථාවරභාවය උදෙසා පවත්නා දේශීය සහ ජාත්‍යන්තර අභියෝග කළමනාකරණය යන්න තේමාව කරගෙනයි සමුළුව පැවැත්වුණේ. සමන් කැලේගම මහතා සැබෑම දේශප්‍රේමියෙකු බව මෙම උත්සවයට එක්වූ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය මලික් සමරවික්‍රම,

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG