Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආයුර්වේද ඖෂධ අලෙවිසැලකින් මත්ගුලි 1700ක්  

Add comments

මාරවිල ප්‍රදේශයේ ආයුර්වේද ඖෂධ අලෙවිසැලක තිබී මත්ගුලි 1700ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.මාරවිල පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදී මෙම මත්ගුලි තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක් පමණ වනවා. මත්ගුලි අඩංගු පැකට්වල ව්‍යාජ ලේබල් ද අලවා තිබූ බවයි වාර්තා වන්නේ. මීට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් අතර ඔහු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG