
මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ දී අද සාර්ථකව නිමාවට පත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය හා අයිටීඑන් එක්වයි මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධාන කරන්නේ.
මාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ පාසල් සිසුන්ට පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබාදීම මාධ්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ අරමුණ යි. ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ දී මෙවර පැවැත්වුණේ එහි 13 වැනි අදියර යි. ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා. අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක්ම මෙම අවස්ථාවට එක්වුණා.
මාධ්‍ය ක්‍ෂේත්‍රයේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා වැඩසටහන් රැසක් මෙහි සංවිධාන කර තිබුණා. සංස්කරණය, අංගරචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මෙම ස්ථානයේ දී ම පැවැත්වීම ද විශේෂත්වයක්.
මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන සිසු පරපුරට රැකියාව පිළිබඳ මාර්ගෝපදේශනයක් ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා.මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිත බවයි ඊට සහභාගී වූ ගුරුවරුන් ප්‍රකාශ කළේ.
මෙවැනි වැඩමුළුවක් මගින් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබද නිවැරදි අවබෝධයක් ලබාදීම පිළිබඳ සිසු දරු දැරියන් අයිටීඑන් වෙත ස්තුතිය පළකළේ මේ අයුරින්.
Post a Comment