Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රී වැටුප් වැඩි වීමේ යෝජනාවට විරෝධය  

Add comments

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් සියයට 215 කින් වැඩිකිරීමට රජය තීරණයකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විරෝධය දක්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හෝ කිසිදු රජයේ සේවකයෙකුට මේ මොහොතේ වැටුප් වැඩිකිරීමට සුදුසු වාතාවරණයක් නැති බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටින්නේ. එහෙත් රජය එවැනි තීරණයක් ගෙන නැති බවද හෙළිවුණා. මෙම වැටුප් වැඩිවීම පිළිබද පළවන වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිද අදහස් පළ කරනවා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියාසිටින්නේ මන්ත්‍රී වැටුප් වැඩිකිරීමේ තීරණය සාධාරණ නොවන බවයි. පසුගිය රජය සමයේ යෝජනා සම්මතයකට අනුව මන්ත්‍රී  වැටුප් වැඩිකිරීමේ අදහස් ඉදිරිපත් වුවද මේ මොහොතේ ඒ සදහා ඉඩදිය නොහැකි බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරන්නේ.

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම යෝජනා වන්නේ 2006 වසරේ නොවැම්බර් 23 වනදා පාර්ලිමේන්තුවේදී කළ අනුමැතියකට අනුව බවයි වාර්තා වන්නේ. එනම් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවලදී ඊට සමාන්තරව පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ වැටුප් ද වැඩිකළ යුතු බවයි. ඒ අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් මෑතකදී වැඩිවූ බැවින් මැතිඇමතිවරුන්ගේ වැටුප ද ඊට සාපේක්ෂව ඉහළ දැමිය යුතු බව මෙම යෝජනාව ඉදිරිපත්වීමේ පදනමයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප වැඩිකිරීම සදහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත්කර එම වැටුප් වැඩිකිරීම සිදුකළ යුතු බවටත් එම වැටුප් වැඩිවීම වෙනත් කිසිදු ක්ෂේත්‍රයකට බල නොපැවැත්විය යුතු බවටත් කොන්දේසියක් ඉදිරිපත් කරමින්. ඒ අනුව බැලීමේ දී මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීමකට කිසිසේත් අවස්ථාවක් නැහැ.

අමාත්‍ය මංගල සමරවීර,

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG