රුසියාවේ දැවැන්ත යුද අභ්‍යාසය නැරඹීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් අද එක් වුණා.
වොස්ටොක් 2018 යුද අභ්‍යාසය නැරඹීමට එක්වෙමින් ජනාධිපති පුටින් කියා සිටියේ හමුදාව ශක්තිමත් කිරීමට නවීන යුද උපකරණ ලබා දෙන බවයි. රුසියාව ඉතා සාමකාමී රටක් බවත් ඕනෑම රටක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු පැවසුවා. වොස්ටොක් යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ නැගෙනහිර සයිබීරියා දේශසීමාව ආසන්නයේදීයී. මේ සදහා රුසියා සහ චීන හමුදා ලක්ෂ 03 ක් පමණ එක්ව සිටිනවා.
Post a Comment