මෙරට අර්තාපල් නිෂ්පාදනය 80%කින් ඉහළ නැංවීම සදහා නව තාක්ෂණය හදුන්වා දීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කර තිබෙනවා.
මෙරට හෙක්ටාරයකින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් හතරක් පමණ වනවා. එය මෙට්‍රික් ටොන් දහතුන දක්වා ඉහළ නංවාගැනීම අපේක්ෂාවයි. ඒ සදහා නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හදුන්වාදීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කළා. ඒ , බීවීජී ඉන්ඩියා නමැති සමාගමයි. එම සමාගමේ ප්‍රධානියා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර මේ සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
Post a Comment