මුහුදට මුසු වූ තෙල් ඉවත් කිරීමට නාවික හමුදාව මෙහෙයුමක් සිදු කළා.
උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඇති ඉන්ධන නලයකින් තෙල් කාන්දුවීම හේතුවෙන් දික්ඕවිට වෙරළතීරය ආශ්රිතව තෙල් එක් රැස් වී තිබුණා. එම තෙල් ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කළා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ද ඊට සහාය වුණා. මෙම තෙල් මුහුදු තීරයෙහි පැවතීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබුණා. එහෙත් එම ඉවත් කිරීම නිසා පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකිවූ බව නාවික හමුදාව පෙන්වා දෙනවා. නාවික හමුදාවට අමතරව යුද හමුදාවේ තුන්සීයකට අධික පිරිසක් ද මෙහෙයුමට දායක වුණා. ගුවන් හමුදාවද ඊට සහාය වුණා.
.
Post a Comment