Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව නාවුක ගමනාගමනය හා සාමය සුරැකීමට මිත්‍ර සබඳතා ශක්තිමත් කරයි  

Add comments

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉන්දියන් සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියා ජනපති ජොකෝ විදෝදේ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදීයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

වියට්නාම හැනෝයි නුවරදී මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. යුරෝපීය වෙළෙඳපලෙහි ප්‍රමාණවත් කොටසක් අත්පත්කර ගැනීම සඳහා පොදු උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා. වෙළෙඳ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණ ඇතුව දෙරටේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කෙරෙනවා. දෙරට අතර නිදහස් වෙළෙද ගිවිසුමක් ඇතිකර ගැනීමේ පදනම සැකසීමට ද මෙහිදී එකඟ වුණා.

සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සදහා සාමූහිකව ගතහැකි පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණා. දෙරටේ හමුදා අතර අන්තර් හුවමාරු ආරක්ෂක වැඩසටහන් සංවිධානය කිරීම පිළිබදවද මෙහිදී අදහස් හුවමාරු කර ගැණුනා. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුබපැතුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදෝදෝ මහතා වෙත පිරිනැමුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලාඕසයේ අග්‍රාමාත්‍ය තොංල්‍යුන් සිස්‍යුලිත් මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ සහ ලාඕසයේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර හමුවක් පැවැත්වීමට අග්‍රාමාත්‍යවරුන් මෙහිදී තීරණය කළා. දෙරට අතර සංස්කෘතික සබදතා තහවුරු කිරීම අරමුණයි. වෙළෙඳ, ආයෝජන, ව්‍යාපාරික ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිය කෘතවේදීත්වය පළ කළා. 2009 වසරේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය ලාඕස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහතාට ලාඕසයේ සංචාරයකට එක්වන ලෙස තොංල්‍යුන් සිස්‍යුලිත් මහතා ආරාධනා කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG