මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබා දීමේ ආණ්ඩුවේ තීරණයට තමන් විරුද්ධ නැති බවත් තමා විරුද්ධ වන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයට පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. ඒ ඉන්දීය සංචාරය අතරතුර ” ද හින්දු” පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
ඉන්දියාව සමඟ ලංකාව වර්තමානයේ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට පෙර තිබූ තත්වයට වඩා යහපත් මට්ටමක පවතින බවද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ හා අධිවේගී මාර්ග ඉදි කිරිමේ කොන්ත්‍රාත්තු ඉන්දියාවට ලබා දුන් බවත්, ඉන්දියාව එය නොපිළිගැනීම නිසා චීනයට අදාළ කොන්ත්‍රාත් ලබා දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Post a Comment