Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලා වැව රක්ෂිතයේ කණ්ඩායම් පහකට බෙදී අලි ඇතුන් මහ ගැටුමක  

Add comments

කලා වැව රක්ෂිතයේ අලි ඇතුන් කණ්ඩායම් පහකට බෙදී බරපතල ගැටුම් ඇතිකර ගන්නා ආකාරය දැකගත හැකියි. අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග මෙම ගැටුම් උග්‍රවී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

ඇතුන් මෙන්ම ඇතින්නියන් ද මෙවර ගැටුම්වලට මැදිහත්වීම විශේෂයක් බව ඔවුන් පවසනවා. මේ අතර පසුගිය දිනවල දළවලින් ඇන අලියෙකු ඝාතනය කළ ඇතා  දින ගණනාවක සිට කලාවැව ප්‍රදේශයේ දක්නට නැති බව අප වාර්තාකරු පවසනවා.

ගැටුම්වලට මැදි නොවී පැටවුන් බේරා ගැනීමට මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය  ද දැකගත හැකියි. මේ දිනවල කලා වැව හා බළලු වැව ඉස්මත්තේ ගැවසීමෙන් වළකින ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG