Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට  

Add comments

මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. පැහැදිලි ජාතික සැලසුමකට අනුව ක්‍රියාත්මක නිවාස ප්‍රතිපත්තිය හේතුවෙන් සෑම පවුලකටම නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ඇති බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

මුල්ලේරියාව මණ්ඩාවිල ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සිස් නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සංකේතාත්මකව එක් නිවසක් විවෘත කිරීමට ද එක්වුණා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වුණා.

මෙම ව්‍යාපෘතිය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් සිදුකෙරුණා. නාගරික සංවර්ධන අධිකාරියේ පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මූල්‍ය දායකත්වය යටතේයි මෙය ඉදිකෙරුණේ. වෘත්තිකයින්, පරිපාලන නිලධාරීන්, මාධ්‍යවේදීන් හා තාක්‍ෂණ අංශයේ නිලධාරීන් වැනි විවිධ තනතුරු දරන සේවකයින් මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ගත කණ්ඩායමයි. නිවාස ලබා ගැනීම සඳහා බැංකු ණය පහසුකම් ද සැපයෙනවා. අක්කර 5ක භූමි භාගයක පැතිරුණු නිවාස සංකීර්ණය නිවාස ඒකක පන්සියයකින් සමන්විතයි. අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යන මහත්වරුන් ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ ඉදිකළ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුන්‍යෝත්සවය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවුණා.  විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ධම්මික ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කළා. වාහල්කඩ විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීමට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් පසුවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG