Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන්සාන් සුඛීට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙයි  

Add comments

රොයිටර් පුවත් සේවයේ මියන්මාර ගවේෂනාත්මක මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිර දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් අවුන්සාන් සුඛීට ජාත්‍යන්තරයේ දැඩි විවේචන එල්ල වුණා. රොයිටර් පුවත් සේවයේ මියන්මාර ගවේෂනාත්මක මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන මා ලෝන් සහ ක්වා සෝ ඕ යන මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7 ක සිර දඬුවමක් පසුගියදා නියම කෙරුණා. මියන්මාර රජයේ රහසිගත ලේඛන පරිශීලනය කරමින් රොහින්ජ්‍යා ජනතාවට සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා කිරීමයි ඔවුන්ට එල්ල වුණු චෝදනා වන්නේ.

මෙම නඩු තීන්දුවත් සමග එරට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කළ නොබෙල් සාම ත්‍යාගලාභී අවුන්සාන් සුඛී ජාත්‍යන්තරයේ දැඩි විවේචන එල්ල වුණා. වියට්නාමයේ ජාත්‍යන්තර ආර්ථික සම්මේලනයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියාසිටියේ මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නිසිලෙස අධ්‍යයනය කර නැති බවයි. මෙම මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළේ  ඔවුන් එරට රාජ්‍ය රහස් පිළිබද පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් බවද ඇය ප්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG