Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ගන්න අලුයම දෙකේ සිට ජනතාව පෝලිමේ  

Add comments

රියදුරු බලපත්‍ර සදහා වෛද්‍ය වාර්තා ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණෙන පිරිසට දැඩි දුෂ්කරතා වලට මුහුණදීමට සිදුව තිබෙනවා. උදෑසන හය පමණ වනවිට කාර්යාලය ඉදිරිපිට මීටර් සියයකට වඩා දිගු පෝලිම් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.

කාර්යාලයේ අපහසුතා හේතුවෙන් ජනතාව අලුයම දෙකේ පමණ සිටයි පැමිණෙන්නේ. ඔවුන්ට පැය පහක පමණ කාලයක් පෝලිමේ රැදීසිටීමට සිදුවෙනවා. උදෑසන 6 ට පමණ කාර්යාලයට ඇතුළුකර ගන්නාවිට ගම්පහ කොළඹ ප්‍රධාන මාර්ගයේ මීටර් සියයකට වඩා දුරට දිගු පෝලිම් දැකගත හැකියි. දිනකට වෛද්‍ය වාර්තා 400 ක් පමණක් නිකුත් කෙරෙනවා. එය ගැටලුවලට හේතුවී තිබෙනවා. කාර්යාලය තුළද ඉල්ලුම් පත්‍රයක් පිරවීමට තරම්වත් පහසුකම් නැති බවටයි වෛද්‍ය වාර්තා ලබාගැනීමට පැමිණෙන පිරිස් චෝදනා කරන්නේ.

ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනතාවගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබී තිබුණා. ඒ ගැන සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. පවතින තත්ත්වයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG