Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික සිරකරු දිනය වෙනුවෙන් සිරකරුවන්ට ඥාතීන් හමුවීමේ අවස්ථාව  

Add comments

ජාතික සිරකරු දිනය අදට යෙදී  තිබුණා. ඒ නිමිත්තෙන් දවස පුරා  සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් හමුවීමේ අවස්ථාව සහ ආහාර පාන ලබාදීමට අවස්ථාව ලබා දී තිබුණා.

බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් ප්‍රමාණය 20,000 ක්. ඒ අතරින් 11,000 ක් සැකකරුවන්.  “සිරකරුවෝද  මනුෂ්‍යයෝද”  යන පාඨයට අනුව යමින් ඔවුන් යහපත මිනිසුන් ලෙස සමාජගත කිරීමේ කාර්යය වත්මන් රජය යටතේ ක්‍රියාවට නංවා තිබෙනු දැකිය හැකියි.

2012 වසරේ නොවැම්බර් මාසයේ නිරායුද සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය බන්ධනාගාර ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක්. මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවුණේ එම  වසරේ නොවැම්බර් 9 සහ 10 යන දිනවලයි. එදා එම ඝාතනයට පසු නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරිම නිසා   ජාත්‍යන්තරයෙන් මානවහිමිකම් චෝදනා එල්ලවීමට හේතුවුණා.

2015 ජනවාරි 8 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව යටපත් වී තිබූ මෙම ඝාතන ක්‍රියාවලිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ ආරම්භ කළේ මෙම ඝාතනවලට  වගකිවයුත්තන් සොයාගැනීම සදහායි. එහිදී සිද්ධිය ඇසින් දුටු රැඳවියෙකු වූ සුදේශ් නන්දිමාල් කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමක් අතරතුර රැඳවියන් සමඟ ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට යැයි පවසමින් වැලිකඩ සිරගෙදරට යුදහමුදාව කැඳවූ බවයි. රැඳවියන් ඝාතනයට ලක්වූයේ එම හමුදා මෙහෙයුමෙන් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති අතර කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG