ජනපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් 47 දෙනෙකුගෙන් ද ප්‍රශ්න කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති හමුවකදී ඒ මහතා මෙම කරුණු හෙළි කළා.
Post a Comment