Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිගෙන් වෘත්තීය සමිතිවලට ඉල්ලීමක්  

Add comments

රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්‍ෂා කිරීමට කැප වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකදීයි. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්‍ෂ කටයුතු කරමින් සිටිනවා. එවන් තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතැබීම වෘත්තීය සමිති නියෝජිතයින්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටියේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහාය පළ කරන බවයි. අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG