උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇති වියහැක.ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 45 පමණ දක්වා වැඩි විය හැක.දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 10-20 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Post a Comment