අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවූවන් ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මකයි.
බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි කුළුණක් මත නැගී රැදවූවන් පිරිසක් ඊයේ සිට විරෝධතාවක නිරතව සිටිනවා. රැදවූවන් සියයක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. රැදවුවන්ට ලබාදීම සදහා බන්ධනාගාරයට රැගෙන එන ආහාර සහ වෙනත් ද්‍රව්‍ය විශේෂ කාර්ය බලකා නිළධාරීන් පරීක්ෂා කිරීමට විරෝධය පළකරමිනුයි උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ. මේ අතර අගුණකොළපැලැස්ස බන්ධනගාර අධිකාරීවරයා මාරුකර යවන ලෙස ද උද්ඝෝෂකයින් ඉල්ලා සිටිනවා.
Post a Comment