ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට බලෙන් ඇතුලු විමට උත්සාහ ගත් අවස්ථාවේ නොසන්සුන්කාරි තත්ත්වය හට ගත්තා. එහිදි අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිළදාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ ආරක්ෂක නිළධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
Post a Comment