Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි  

Add comments

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු පළාත්වලසවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.කොළඹ සිට පුත්තලමසහ මන්නාරමහරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG